www.ada.lk
2026 සැප්තැම්බර් මස 11 වන සිකුරාදා
හම්බන්තොට කටුවැව, බතලයාගම ප්රදේශයේ වගා ළිඳකට වැටි සිටි ඇතින්නක සහ පැටවෙකු බේරාගැනීමට හම්බන්තොට වනජීවි කාර්යාල නිලධාරිහු කටයුතු කළහ.
ඇතින්නක සහ පැටවෙකු වගා ළිඳක වැටි සිටින බවට පෙරේදා (16දා) දහවල් හම්බන්තොට වනජීවි කාර්යාල නිලධාරීන්ට ලැබුන තොරතුරකට අනුව බැකෝ යන්ත්රයක ආධාරයෙන් ඇතින්න සහ පැටවා බේරාගැනීමේ මෙහෙයුම දියත් කල අතර පැයක පමණ මෙහෙයුමකින් පසූ ඇතින්න සහ පැටවා බේරාගැනීමට වනජීවී නිලධාරීහු සමත්වූහ.
දින දෙකක පමණ කාලයක් මේ ආකාරයෙන් ඇතින්න සහ පැටවා වගා ළිඳේ වැටි සිටින්නට ඇති බවට විශ්වාස කරන බව හම්බන්තොට වනජීවී කාර්යාලේ අඩවි ආරක්ෂක විජය කුමාර මහතා පවසා සිටියේය.
වගා ළිඳේ වැටි සිටි වසරක් පමණ වයසැති අලි පැටවාගේ හොඬ වැලෙහි අගකොටස අනතුරට පත්වී තුවාල ලබා තිබිණු බවත්, එය දඩයක්කරුවන් තිබූ කම්බියකට පැටලීමෙන් සිදුවූ දෙයක් දැයි වන ජීවී නිලධාරිහු සැකපළ කරති.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd