වකුගඩු රෝගීන්ට මාසිකව ලබාදෙන රුපියල් 3000 දීමනාව ක්‍රමවත් ලෙස ලබානොදීම නිසා බොහෝ රෝගීන් දැඩි අපහසුතාවට පත්වන බව වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
මැදවච්චිය ප්‍ර‘දේශයේ වකුගඩු රෝගීන්ට මෙම දීමනාව යම් තරමකට ක්‍රමවත් ලෙස ලබාදුන්නද අනෙකුත් ප්‍ර‘දේශවල රෝගීන්ට මෙම දීමනාව ලබාදෙන නිශ්චිත දිනයක් නොමැති බවත්, සමහර ප්‍ර‘දේශවල මාසයක් හැර මාසයක් මෙම මුදල ලබාදෙන තත්ත්වයකට පත්ව ඇති බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය අඟුණොච්චියේ කුමාර කාශ්‍යප හිමියෝ අවධාරණය කළහ.
ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලය හරහා මෙම දීමනාව ලබාදීමට නිශ්චිත දිනයක් සහ නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් රෝගීන් දින ගණනක් රස්තියාදු වන බවත්, මේ නිසා වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනාව වසරකට ප්‍රමාණවත් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදෙන ලෙසත් එම සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව වකුගඩු රෝගය සුව කිරිමට ස්ථිර ඖෂධයක් නොමැති නිසා රෝගය උත්සන්න වීම වළක්වාගැනීමට Erithropoetin නමැති ඖෂධය රෝගීන්ට සතියකට වරක් එන්නත් කළ යුතු බවත්, එහෙත් බොහෝ සායන මධ්‍යස්ථානවල එය එන්නත් නොකරන බවත් උන්වහන්සේ කීහ.
අනුරාධපුර දිස්ත්‍රික්කය ගතහොත් නොච්චියාගම, හොරොව්පතාන, මිහින්තලේ ආදී සායන මධ්‍යස්ථානවල මෙම ඖෂධ නොමැති බවත්, මේ නිසා කිලෝමීටර් 50 - 60 ක් දුර ගෙවාගෙන සතියකට වරක් එම ප්‍ර‘දේශවල රෝගීන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන බවත් කුමාර කාශ්‍යප හිමියෝ අවධාරණය කළහ.