වකුගඩු බද්ධ කිරීම මාලිගාවත්තෙත් නෑ අනුරාධපුරයෙත් නෑ
දැඩිසත්කාර ඒකකයේ අලුත්වැඩියා කටයුත්තක් නිසා මාලිගාවත්ත වකුගඩු බද්ධකිරීමේ රෝහලේ වකුගඩු බද්ධකිරීම තාවකාලිකව නවතා දමා තිබියදී වකුගඩු රෝගය විශාල ලෙස පැතිර තිබෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධකිරීමද නවතා දමා ඇතැයි වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙන බව පවසමින් වකුගඩු ඒකකයේ වකුගඩු බද්ධකිරීමේ ශල්‍යාගාරය වසා දමා තිබෙන බවත්, මේනිසා මෙම දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයට ලක්ව පීඩාවිඳින ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවත් එම සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසා සිටියේය.
රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත් වන වයස අවුරුදු 15 ත් 70 ත් අතර පිරිසෙන් 15% ක් වකුගඩු රෝගයට ලක්ව ඇති බවට අනාවරණය වන බවත්, මෙය සමස්ත ජනගහනයට ගණනය කළහොත් පුද්ගලයන් 78,000 ඉක්මවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය සම්පූර්ණ කර වහාම වකුගඩු බද්ධකිරීමේ ඒකකය ආරම්භ කරන ලෙසත්, එසේ නොමැතිව වෛද්‍යවරුන්ගේ හිඟය නිසා ඒකකය වසා තබන දවසක් ගණනේ රෝගී ජීවිත අනතුරට ලක්වන බවත් ජාතික සංවිධායකවරයා අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

