ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ වකුගඩු රෝගය මැඩලීමේ තිරසාර වැඩසටහනට (KIND) සමගාමීව දියත් කෙරුණු ජාතික වකුගඩු අරමුදල තරකරනු වස් පිහිට වූ ජාතික වකුගඩු අරමුදලේ සන්නාම තානාපතිවරුන් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් මහතා අද (01) පස්වරුවේ ජනාධිවරයා විසින් නිල වශයෙන් පත් කරන ලදී.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි විස්ස (20 - 20) ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ආරම්භ කිරීමට පෙර පැවති මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුථ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ද එක්ව සිටියහ.
මෙහිදී ජාතික වකුගඩු අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියනයක මුදලක්ද පරිත්‍යාග කරනු ලැබීය.