මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචාවන්ට මෙන්ම දූෂණ වලට සම්බන්ධ වූවන්ට අනිවාර්යෙන්ම දඩුවම් ලබා දිය යුතු බව සිය පක්ෂයේ ස්ථාවරය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (09දා) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ දඩුවම් ලබාදිය යුත්තේ ක්‍රෝධය වෛරය මත පදනම්ව නොව නීතියේ විධිවිදානාත් පදනම්ව බවයි.
යම් හෙයකින් ප්‍රශ්න වලට සම්බන්ධ වූවන් රටින් පැනගියද ඔවුන් රටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් ද පවතින බව මෙම මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේය.