උඩුනුවර ප්‍රාදෙශිය සභාවේ සිදුවී ඇති මූල්‍ය අක්රමිකතාවයන් පිළිබඳව වගකිවයුතු සේවකයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින විට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට හදිසි ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි එහි හිටපු විපක්ෂ නායක (එ.ඡා.ප) ටී. එම්. ගාමිණී තෙන්නකෝන් මහතා පවැසීය.
ඊයේ (28) නිකහැටිය ප්‍රදේශයේදී පක්ෂ ක්‍රියාකාරින් දැනුවත් කිරීමේ හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ලේකම්වරයා නිසිපරිදි රාජකාරී කරමින් 2011 වසරේ සිට සිදු වූ මූල්‍ය අක්රමිකතාවයන් සොයා බැලීමට කටයුතු කර තිබෙන බවද ඔහු කීවේය. ඒ හරහා වසරකට ලක්ෂ ගණනින් මුදල් වංචාවී ඇති බවට සොයගෙන තිබෙන බවත් ඔහු පැවැසීය.
චමිල් රුපසිංහ