පෞද්ගලික න්‍යාය පත්‍ර, දේශපාලන පළිගැනීම්, වංචා දූෂණ වත්මන් ආණ්ඩුව තුළ නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ, පස්වැනි වතාවටත් යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාවට ශ්‍රී ලංකාව පත්වීම සම්බන්ධයෙන් ඊයේ (24දා) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍ර‘යේ පැවති උත්සව සභාවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,
“මෙම වසර මට අභියෝගාත්මක වසරක් වුණා. හැබැයි පැමිණි හැම අභියෝගයක්ම මට ජයගන්නත් පුළුවන් වුණා. ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාවට පත්වීම මට පෞද්ගලිකව ලැබුණු තනතුරක් නොවෙයි. එම තනතුර රටට ලැබුණු තනතුරක්. මෙවර අයවැයෙන් රුපියල් කෝටි 9000 ක් අධ්‍යාපනයට වෙන්කර තිබෙනවා. මෙරට අධ්‍යාපනයේ භෞතික සම්පත් පමණක් නොව ගුණාත්මක පුහුණුව වර්ධනය කිරීමටත් අපි එම මුදල් ඵලදායීව යොදවන්න බලාපොරොත්තු වෙනවා* යැයි පැවසීය.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා