පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ වංචා දූෂණ හා මිනීමැරුම් සම්බන්ධයෙන් වන පැමිණිලි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල ඍජුවම සම්බන්ධ බවට පැමිණිලි 25 ක් පිළිබඳවත්, ඔවුන්ගේ ඍජු හෝ වක්‍ර සබඳතා සහිත පැමිණිලි 725 ක් පිළිබඳවත් විමර්ශන සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ඊයේ (18දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. එම පැමිණිලි චෝදනා සියල්ල විමර්ශනය කිරීමට යම් කාලයක් ගත වන බවත්, එහි සඳහන් එක් පැමිණිල්ලක් විමර්ශනය කිරීමට අදාළ නිලධාරීන්ට රටවල් හයකට යාමට සිදුවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
කොපමණ කාලයක් ගතවුවද ජනතාවට පොරොන්දු වූ ආකාරයටම පසුගිය ආණ්ඩුව සමයේ ජනතාවට, රටට අහිමි වූ ධනය නැවත ලබාදීමට යහපාලන ආණ්ඩුව ක්‍රියාකරන බවද මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ලෝකයේ අනිකුත් රටවලද මෙවැනි මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ සෙවීමට විශාල කාලයක් ගතවී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
වත්මන් ආණ්ඩුව සිය මංගල අයවැයට ප්‍රථම මෙරටට සුවිශේෂී ජයග්‍රහණ රැසක් ලබාදුන් බවත්, ඉදිරි වර්ෂය තුළ විශාල කාර්යභාරයන් රැසක් ඉටුකිරීමට රජයට වගකීම් පැවරී ඇති බවත් මංගල සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.