ලෝකයේ හොඳම ගුවන් සේවා 100 අතර ශ්රී ලංකන් ගුවන් සේවයට තිබූ ස්ථානය පසුගිය වසර හා සැසදීමේදී ස්ථාන14කින් පහත බැස තිබේ. ශ්රී ලංකන් ගුවන් සේවය මේ වසරේදී ලෝකයේ හොඳම ගුවන් සේවා 100 අතර 81 වැනි ස්ථානයේ පසු වෙන අතර පසුගිය වසරේදී 67 වැනි ස්ථානයේ පසුවිය.
Skytrax ආයතනය ගුවන් මගීන්ගේ ඡන්දයෙන් මෙසේ ලෝකයේ හොඳම ගුවන් සේවා 100 තෝරාගෙන තිබේ. ඒ බව පසුගිය 20 දා පැරීසියේ පැවැති ලෝක ගුවන් ප්රදර්ශනයේදී නිවේදනය කළේය.
ගුවන් සේවා 320ක් ප්රථමයෙන්ම මේ සඳහා යොදාගෙන තිබූ අතර අවසානයේදී හොඳම ගුවන් සේවා 100 ප්රකාශයට පත්කරයි.