ලෝකයේ කලබල අඩුම රට ලංකාව - කිරිඇල්ල
අද ලෝකයේ කලබල අඩුම රටවන්නේ ශ්‍රී ලංකාව බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
"ස්වාධීන අධිකරණයක් නැතිනම් කිසිදු ආයෝජකයෙක් මේ රටට එන්නෙ නෑ.මිනිස්සු අතුරුදන් වෙනවා නම්,සුදුවෑන් සංස්කෘතිය තියෙනවා නම්, රාජ්‍ය නිලධාරීන් ගස්බඳිනවා නම්,රණවිරුවො ඇදගෙන ගිහින් හිරේ දානවා නම් මේ රටට කිසි කෙනෙක් එන්නෙ නෑ.පසුගිය අවුරුද්ද තුළ නීතියේ උත්තරීතරභාවයට අපි අත්තිවාරමක් දැම්මා.එම කටයුත්ත බොහෝ දුරට ඉවරයි.
අද යුරෝපයට යන්න බෑ අයිසිස් සංවිධානය නිසා.මැදපෙරදිග විශාල අර්බුදයක් ඇතිවෙලා තියෙනවා.ඒ නිසා ශ්‍රී ලංකාව දිහා සංචාරකයන් පමණක් නෙවෙයි ආයෝජකයොත් අද බලනවා”යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (16දා)පැවැති ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ රාජ්‍ය කළමනාකරණපති පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් කිරිඇල්ල මහතා මේ බව කීය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

















