ලෝකය සහ එහි වෘක්ෂලතාදිය එහි පාලකයන්ට අයිති නොවන බවත්, ඔවුන් අනාගත පරපුර උදෙසා පරිසරය ආරක්ෂා කළ යුතු තාවකාලික භාරකරුවන් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
අරහත් මහින්ද තෙරුන් විසින් දේශනා කරන ලද බුදු රාජණන් වහන්සේගේ එම දර්ශනයෙන් ශ්රී ලංකාවේ නායකයන් මෙතෙක් ප්රබෝධමත් වූ බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
ලෝක පරිසරයේ සෞඛ්යය පිළිබඳව අද විශේෂ අවධානය යොමු විය යුතු බවත්, දේශගුණික විපර්යාස හමුවේ මතුව ඇති භයානක තත්ත්වය වත්මන් හදිසි තත්ත්වයක් බවත් පවසා සිටි ජනාධිපතිවරයා, අප හමුවේ ඇත්තේ ගෝලීය අභියෝගයක් බවත්, එයට සෑම පැතිකඩකින්ම, සමූහිකව මුහුණ දිය යුතු බවත් අවධාරණය කළේය.