ගැටුම් ඇතිකර ගන්නා කණ්ඩායම් සමග සාකච්ඡා කර ලෝක සාමයක් ඇතිකිරීමට උත්සහ කළද ඒ තුළින් කිසිදා ලෝක සාමයක් උදාකරගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
සැබෑ සාමයක් ඇතිකර ගැනීමට නම් මුලින්ම ගැටුම්වලට භාවිත කරන අවිආයුධ නිෂ්පාදනය නවතා දැමිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් අද (27දා) අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබූ 'යථාර්ථය සහ කාලීන අභියෝග' පිළිබඳ වැඩසටහනකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ නිසා ලෝක සාමය ඇතිකිරීමට නම් අවි ආයුද නිෂ්පාදනය කරන රටවල නායකයන් මැදිහත් වී එම ක්‍රියාව නවතා දැමිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
