ලෝක සාම දර්ශකයේදී ශ්‍රී ලංකාවට 114
- 29 06 2015
- 18:59
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ගෝලීය සාම දර්ශකයේදී ශ්‍රී ලංකාවට 114 වැනි ස්ථානය හිමිව තිබේ. ආර්ථික විද්‍යාව හා සාමය පිළිබඳ ආයතනය විසින් මෙම දර්ශකය ගණනය කර තිබෙන අතර ඒ සඳහා රටවල් 162ක් යොදාගෙන තිබේ. ලෝකයේ සාමකාමීම රාජ්‍යය බවට අයිස්ලන්තය පත්ව තිබෙන අතර, සිරියාව එහි අවසන් ස්ථානයේ පසුවෙයි.
දකුණු ආසියාවේ රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේ පසුව අතර භූතානය (18) දකුණු ආසියාවේ තිබෙන සාමකාමීම රාජ්‍යය වෙයි. ඉන්දියාව 143 වැනි ස්ථානයේ පසුවෙයි.ලෝක සාමය වෙනුවෙන් කතාකරන ඇමෙරිකාවට හිමිව ඇත්තේ 94 වැනි ස්ථානයයි.
පසුගිය වසරේදී මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව 105වැනි ස්ථානයේ පසුවිය. එම වසරේදීද ලෝකයේ සාමකාමීම රාජ්‍යය වූයේ අයිස්ලන්තයයි
ලෝකයේ සාමකාමීම රටවල් 10
01. අයිස්ලන්තය, 02. ඩෙන්මාර්කය, 03. ඔස්ට්‍රියාව, 04. නවසීලන්තය, 05. ස්විට්සර්ලන්තය, 06. ෆින්ලන්තය, 07. කැනඩාව, 08. ජපානය, 09. ඔස්ට්‍රේලියාව, 10. චෙක් ජනරජය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

