රටවල් 40ක් සහභාගි වූ ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන රකිදු රන්දිව් වික්‍රමරත්න සිසුවා සමත්විය.
ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුව පසුගිය මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා සතියක් පුරා ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැත්වුණු අතර, රුසියාව, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රබල රටවල් 40ක තරගකරුවෝ 300ක් පමණ ඊට සහභාගි වූහ.
රකිඳු සිසුවා අද (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
රකිඳු පාරිසරික විද්‍යා අංශයෙන් ඉදිරිපත් කළ පරිසර තත්ත්වයන් නිසා ගස්වල පරාග මත තැන්පත් වන වායු දූෂක මගින් ඇදුම රෝගය වඩා තීව්ර වන බවට කළ පර්යේෂණයට මෙම රිදී පදක්කම හිමිව තිබේ.
රකිදුගේ දක්ෂතා අගය කරමින් තිළිණයක් ප්රදානය කිරීමටද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.