ලෝක ජල දිනය අදයි
ලෝක ජල දිනය අද (22දා) යෙදී තිබේ. පෘථීවි ජීවි පැවැත්මට ඉතාමත් අත්‍යවශ්‍යම හා මූලිකම දේ ජලය වන නමුත් මිනිසාගේ බොහෝ ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානය වන එම ජල සම්පත ඉතා ශීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතී.
මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 75%ක් පමණ ජලයෙන් පිරී පවතින අතර, එයින් 97%ක්ම භාවිතයට ගත නොහැකි මුහුදු ජලයෙන් පිරී පවති. පෘථිවි මතුපිට ජීවීන්ට භාවිතා කළ හැකි ජල ප්‍රමාණය 03%ක් පමණ කුඩා වන අතර, එයින් 02%ක්ම පිහිටා ඇත්තේ පෘථිවි ජීවින්ට භාවිතා කළ නොහැකි වනසේ ජල අයිස් ලෙස හා ග්ලැසිරය ලෙසය.
ඒ අනුව පෘථිවි මතුපිට ජීවින් පරිභෝජන කරන ජල ප්‍රමාණය 01%ක් තරම් අති කුඩා ප්‍රමාණයක් වන අතර එයින්ද බොහෝ කොටසක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් පවතී.
මේ හේතුවෙන් ඉදිරි කාලයේදී ලෝකය ජල අර්බුදයකට මුහුණ දිය හැකි අතර එයින් යම්තාක් හෝ පාලනය කරගැනීම සඳහා සීමිත වූ භාවිත කළ හැකි ජලසම්පත සුරැකීම හා ජල මූලාශ්‍ර සුරැකීමට අප සියලු දෙනා කටයුතු කිරීමේ කාලය එළැඹ තිබේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

