ලෝක ජනගහනයෙන් මිලියන 39 ක් අන්ධභාවයට ලක්ව ඇති අතර ඒ අතරින් වැඩි දෙනෙකු සංවර්ධනය වෙමින් පවතින රටවලදී හමුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලීත මහීපාල මහතා පැවසීය.
අන්ධභාවයට වාර්ෂිකව මිලියන 1 -2 අතර වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ඉන් 80% ක් ප්‍රතිකාර මගින් වලක්වා ගැනීමට හැකිබවද පාලීත මහීපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පවතින විවිධ අක්ෂී රෝග හේතුවෙන් අන්ධභාවට පත්වන ප්‍රමාණය ජනගහනයෙන් 150000ක් පමණ වන බවද පාලිත මහතා පැවසුයේ විෂන් 2020 වැඩසටහව පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය