2015 වසරේදී නවසීලන්තයේදී හා ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගීවීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම සඳහා නවසීන්ත ඇමතිවරයෙකු අද (03දා) දිවයිනට පැමිණීමට නියමිතය.
නවසීලන්තයේ ප්‍රථමික කර්මාන්ත අමාත්‍ය නේතන් ගයි, නවසීන්ත අගමැති ජෝන් කේගේ ආරාධනාවත් සමග අද දිවයිනට පැමිණීමට නියමිතය. කෙසේ වෙතත් ඔහු ජනපතිවරයා හමුනොවන අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හරහා මෙම ආරාධනාව ජනපතිවරයාට යොමුකිරීමට නියමිතය.
ඩේලි මිරර් ඇසුරෙනි