ලෝක කම්කරු දිනය පිළිබඳව කෙටියෙන්
1886 වසරේ මැයි 01 වැනිදා ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී දිනකට පැය 08ක සේවා මුරයක් ඉල්ලා කම්කරුවන් පිරිසක් නැගී සිටීමේ මූලික සිද්ධිය ජාත්‍යන්තර මැයි දිනයේ ආරම්භයයි.
චිකාගෝ නුවරදී පැය අටක සේවා මුරයක් ඉල්ලා මුලින්ම උද්ඝෝෂණය කළ පිරිස 1000කට අධික බව පැවැසේ. ඉන් අනතුරුව ක්‍රමයෙන් වැඩ වර්ජනයට එක්වන කම්කරු සහභාගීත්වය වර්ධනය වූ අතර, තෙවැනි දිනයේදී ඒ සඳහා 65,000ක පමණ පිරිසක් එක්ව සිටියහ.
1886 මැයි මස 03 වැනිදා මෙම වර්ජනය සඳහා සමාගම් හිමිකරුවන්ගේ මෙහෙයවීම යටතේ ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කළ අතර, එයින් කම්කරුවන් සිවුදෙනෙක් මියගිය බව පැවැසේ.
පහර දීමට විරෝධය පළකරමින් මැයි මස 04 වැනිදා හේමාර්කට් චතුරශ්‍රයට කම්කරුවන් පිරිසක් එක්වූ අතර, එහිදී සිදුවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් හා කම්කරුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
ගැටුමින් කොපමණ කම්කරුවන් සංඛ්‍යාවක් මියගියා දැයි මෙතෙක් ගණන් බලා නොමැති බව කියැවේ.
මෙහිදී කම්කරු නායකයන් 08 දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, පුද්ගලයන් 6කුට සිරදඬුවම් හා අනෙක් පස්දෙනා එල්ලා මැරීමට නියෝග ලැබිණි.
1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ, පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් රුධිරය වැගිරු තම සගයින් සදාතනිකව සිහිකිරීමටය. ඒ අනුව සෑම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්විය.
මෙරට හිටපු කෘතහස්ත කම්කරු නායකයෙකු ලෙස පිළිගැනෙන ඊ. ඒ. ගුණසිංහ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දිනය 1927දී කොළඹ ප්‍රයිස් පාක්හිදී පවත්වා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

