ලෝක ආහාර වැඩසටහන විසින් දැඩි නියඟයෙන් හානි වී ඇති දිස්ත්‍රික්ක 04ක පවුල් 6250කට සහන සැපයීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක ආධාර ලංකා රජයට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අද (05දා) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
නියඟය හේතුවෙන් දරුණු ලෙස බලපෑම් එල්ලවී ඇති මොනරාගල, කුරුණෑගල, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල වෙසෙන දිළිඳු හා නියඟයෙන් දැඩි ලෙසම පීඩා විදින පවුල් සඳහා මෙම අධාර ලබාදීමට නියමිතය.
ඒ අනුව එක් පවුල්කට මසකට රු. 10,000 බැගින් මාස 04ක් යන තෙක් මෙම ආධාර ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙම සහන ලබාදීම සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍යාංශය මගින් ඒ ඒ ප්‍රදේශවල මහලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම්, සමෘද්ධි නිලධාරී, ග්‍රාම නිලධාරී මගින් ලබාදීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.