ලොව පුරා පුද්ගලයන් 150කට වයි-ෆයි හොට්ස්පොට් එකක්
වයි-ෆයි හොට්ස්පොට් (Wi-Fi hotspot) හෙවත්, රැහැන් රහිතව අන්තර්ජාල පහසුකම් (WLAN) සපයන ආවරණ කලාප ලෝකය තුළ ව්‍යාප්තිය සැලකීමේදී පුද්ගලයන් 150කට වයි-ෆයි හොට්ස්පොට් එකක් පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ප්රමුඛ පෙළේ වයි-ෆයි සේවා සපයන්නෙකු වන iPass පෙන්වා දෙන පරිදි 2014 වසර අවසන් වනවිට ලොව පුරා පොදු වයි-ෆයි හොට්ස්පොට් මිලියන 47.7ක් පවතිනු ඇති බව පුරෝකථනය කෙරෙයි.
දැනට ලෝකයේ වැඩිම වයි-ෆයි හොට්ස්පොට් ප්‍රමාණයක් ඇති රට ලෙස ප්‍රංශය ඉදිරියෙන් සිටින අතර, ඉන් අනතුරුව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය පසුවෙයි.
මොබයිල් දුරකථන සේවා සපයන්නන් විසින් ආවරණය නොකළ කලාප ආවරණය කෙරුණු බොහෝ වයි-ෆයි හොට්ස්පොට් තුළදී අන්තර්ජාල පරිශීලකයන්ට නොමිලේ සේවා සපයා ගත හැකිවීම විශේෂත්වයකි.
එළැඹෙන වසර කිහිපය තුළ මෙම වයි-ෆයි හොට්ස්පොට් ප්‍රමාණය ලොව පුරා මිලියන 340ක් දක්වා ඉහළ යනු ඇති බවත්, එය තව වසර හතරකින් ලෝකයේ පුද්ගලයන් 20 දෙනෙකුට එක් වයි-ෆයි හොට්ස්පොට් එකක් දක්වා වර්ධනය වනු ඇති බවත් කියැවෙයි.
නමුත්, ලෝකයේ සෑම කලාපයකම මෙය සමානව බෙදී යාමක් නොවන බවත් පෙන්වාදෙන අතර, 2018 දී උතුරු ඇමෙරිකාවේ සෑම පුද්ගලයන් සිව් දෙනෙකුටම එක් වයි-ෆයි හොට්ස්පොට් එකක් හිමිවද්දී, අප්‍රිකානු කලාපයේදී එම අගය සෑම පුද්ගලයන් 408 දෙනෙකුට එකක් ලෙසත් පවතින ඇති බවද කියැවෙයි. එය එක් එක් කලාපයන්ගේ ආර්ථික ශක්තීන් අනුව තීරණය කෙරුණත්, සමස්තයක් ලෙස 2018 දී සෑම පුද්ගලයන් 20 දෙනෙකුට එක් වයි-ෆයි හොට්ස්පොට් එකක් හිමිවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

