ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනය මගින් ලොව රටවල් 117ක අල්ලස් හා දූෂණය අලළා වාර්ෂිකව නිකුත් කරනු ලබන දර්ශකයේදී ශ්‍රී ලංකාව 91 වැනි ස්ථානයට පත්කර ඇති අතර, ඒ අනුව ලොව දූෂිතම රටවල් අතර 26 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
පසුගිය වසරේදී මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාවට 79 වැනි ස්ථානය හිමිව තිබූ අතර, මේ වසරේදී තවත් ස්ථාන 12 ක් පිටුපසට පැමිණ ඇත. දර්ශකයේදී ශ්‍රී ලංකාවට ලකුණු 37ක් හිමිව ඇති අතර, මලාවි හා මොරොක්කෝව ශ්‍රී ලංකාව සමග 91 වැනි ස්ථානයේ පසුවේ.
ලොව දූෂණය අවම රට ලෙස ඩෙන්මාර්කය හා නවසීලන්තයත්, ලොව දූෂිතම රට ලෙස සෝමාලියාව, ඇෆ්ගනිස්තානය හා උතුරැ කොරියාව නම් කර ඇත. ඉන්දියාව 94 වැනි ස්ථානයේ පසුවේ.