අම්පාර, කොණ්ඩුවටුවාන යුද හමුදා කදවුරේ, වෙඩි තලා පිටියේදි යුද හමුදා ලුතිතිනන්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන ඇත. පොලීසිය කියයි.
පුහුණු උපදේශකවරයෙකු වශයෙන් සේවය කළ ලුතිනන් චාමර සුදර්ශන යන හමුදා නිලධාරියා ටී. 56 වර්ගයේ ගිනි අවියකින් තම හිසට වෙඩි තබා ගෙන මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (08දා) පෙ.ව. 9.40ට පමණ වෙඩි තබාගැනීම සිදුකර ගෙන ඇති බවත්, ඔහු අවුරුදු 27 ක් වන කුරුණෑගල, මාවතගම ප්රදේශයේ පදිංචි අයෙක් බවත් පොලීසිය පවසයි.