සිංගප්පූරුවේ පියා යන විරුධාවලිය ලත්, වර්තමාන සිංග්ප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතාගේ අවසන් කටයුතු අද (29දා) පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරුණු බව විදෙස් වාර්තා පවසයි.
සිංගප්පූරු රාජ්‍ය නායකයන් මෙන්ම, විදෙස් රාජ්‍ය නායකයන් විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි අතර, හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්, ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබොට් ආදීන් ඒ අතර වූහ.
හිටපු නායකයාගේ අභාවය සිදුවූ පසුගිය 23දා සිටම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එරට පාර්ලිමේන්තුව වෙත ලක්ෂ 12කට ආසන්න ජනතාවක් ඇදී ආ අතර, බොහෝ පිරිස් පැය 10 ඉක්මවූ කාලයක් පෝලිම්වල රැඳෙමින් නායකයාට ගෞරව දැක්වීය.
අද පෙරවරුවේදී එරට පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත දේහය ගෙනයන ලද අතර, එරට ශාන්ත ඇන්ඩෘ දෙව්මැදුරේදී විශේෂ දේවමෙහෙයක්ද පැවැත්විණි.
.jpg)