ලිපිනයක් නැති ජනතාව ලක්ෂ 10ක් පමණ දිවයින පුරා සිටින බවට හඳුනාගෙන ඇතැයි කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
වතුකරයේ ලක්ෂ 05ක් සහ නාගරික අඩුආදායම්ලාභී ප්‍රදේශවල තවත් ලක්ෂ පහක් සිටින බව ඒ මහතා සඳහන් කළේය.
මෙම ජනතාවට ස්ථිර නිවාස නොමැතිකමින් ඔවුන්ගේ අධ්‍යාපන,සෞඛ්‍ය ඇතුළු සිවිල් අයිතිවාසිකම් කඩවී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම ජනතාවට කඩිනමින් ඉඩම් ලබාදීමේ අවශ්‍යතාවක් මතු වී තිබෙන බවත්,ඒ සඳහා ඉඩම් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් සංවිධායක ලේකම්වරයා මහතා ප්‍රකාශ කළේය.