ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීම සඳහා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ඉවත දැමීමට ඊයේ (13දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
පසුගිය වසර තුළ ලිට්රෝ ගෑස් සමාගම රුපියල් මිලියන 290ක පාඩුවක් ලබා තිබීම හේතුවෙන් ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.
එහෙත් ජනතාවට සහන සැලසීමක් වශයෙන් මෙම අවස්ථාවේදී ගෑස් මිල ඉහළ නොදැමිය යුතු බවට කැබිනට් මණ්ඩලයේදී තීරණය වී ඇත. මෙම තීරණය අනුව අදාළ කැබිනට් පත්‍රිකාව පසුවට සලකා බැලීමට තීරණය වී ඇත.
ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස්වන අතර, මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේදී කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 1346කට අලෙවි වන අතර, මුලතිව් දිස්ත්‍රික්කයේදී එම මිල රුපියල් 1473කි.