ලැජ්ජයි - රජ රට බත් කන්නේ පිටරටින් ගෙනත්
වර්තමානය වනවිට රජරට ජනතාව පිරටින් ගෙන්වූ සහල් පරිභෝජනය කරන බවත් එය ලැජ්ජාවට කරුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පොළොන්නරුවේ පැවති ජනහමුවකට ඊයේ (05 දා) පස්වරුවේ එක්වෙමින් මන්ත්රීවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා,
“මේ ආණ්ඩුව පත්වෙලා වසර තුනයි. හැම ඇමතිවරයෙක්ම කතාව පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බැනලා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හැම ඇමතිවරයෙකුම කතාව පටන් ගන්නේ ගිය ආණ්ඩුවේ වැරදි කියලා. ඒ අය හිටියේ නෑ වගේ, හැබැයි කතාව අවසන් කරනේ තමන්ගේ අයට බැනලා.
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයා කතාව පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බැනලා ,ඉවර කරන්නේ ශ්රී ලංකා ඇමතිවරයාට බැනලා. කෝ ප්රතිපත්ති, රටේ ප්රශ්නවලට විසඳුම් හොයන වැඩ පිළිවෙළක් කෝ? අගමැති, ජනාධිපතිවරයාට බනිනවා, ජනාධිපති අගමැතිට බනිනවා. බැදුම්කරය ගැන හොයන්න ඕනේ කියනවා. ජනාධිපතිවරයා කියනවා බැඳුම්කරයේ අලුත් හොරු අල්ලන්න ඕනේ කියලා.
රටේ නායකයෝ දෙන්න දෙපැත්තට ඇද ගන්නවා. කියන්න ලැජ්ජයි රජරට ප්රදේශවල ඉන්න පිරිසන් බත් කන්නේ පිට රට හාල් වලිනුයි. රජරටින් රජෙක් පිට රටින් හාල්. එතුමාට අපිට මඩ ගහන්න වැඩක් නෑ. එතුමා කරන්න ඕනේ හරිය කර ගන්නවා. ආණ්ඩුවේ වෙන හැම වරද්දකටම මේ දෙන්න වගකියන්න ඕනේ.
ප්රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවා නම් රට සංවර්ධනය වෙනවා. රටේ රාජ්ය ප්රතිපත්තිය දේපොළ විකුණන එක නම්, රටින් කෑල්ලක් කන්න දෙන එකනම්,ලෝකෙට වැඳගෙන යන එකනම් ලෝකේ ඉස්සරහ දණ ගහන එකනම්, රට අගාධයට යනවා. ඒක තමයි වෙනස”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


