සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදෙන බොහෝ ලාංකික කතුන් සෞදි අරාබියටපැමිණ ඉතා සුළු කාලයකදී එම නිවෙස්වලින් පලාගොස් නීති විරෝධීව වෙනත් ස්ථානවල සැඟව රැකියා කිරීම පිළිබඳව තම කනස්සල්ල ප්‍රකාශ කරන බව සෞදි අරාබි කම්කරු අමාත්‍ය මුෆ්රේජ් අල් හැක්බානි මහතා ප්‍රකාශ කළ බව “ඇරැබ් නිවුස්”පුවත් පත සඳහන් කරයි.
පසුගියදා රියාද් නුවරදී ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
කාන්තාවක් මෙසේ පළායාමෙන් සෞදි රියාල් 25,000 ක් පමණ අලාභයක් අදාළ හාම්පුතා හට දැරීමට සිදුවන බවත් ලක්ෂ 4 පමණවන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අතුරින් පලායන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් වුවද එම තත්ත්වයඅවම කිරීමට කටයුතු කළයුතු බවද අවධාරණය කර තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකා කාන්තාවන්ගෙන් යම් ප්‍රතිශතයක් සෞදියට පැමිණෙන විට ගැබ් ගෙන ඇතිබවටද වාර්තාවන අතර එයට හේතුව ලෙස ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම බව අනුමාන කරන බවද සඳහන් කර ඇත.මෙහිදී ගෘහ සේවිකාවන් සඳහා අයකරනබඳවා ගැනීමේ ගාස්තුද අවම කරන ලෙසඅමාත්යවරයා ඉල්ලා තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපති හුසේන් මොහොමඩ් හුසේන් මහතා සඳහන් කර ඇත්තේ දැනටමත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත සංගමය මගින් බඳවා ගැනීමේ ගාස්තු රියාල් 12.000 දක්වා අඩු කිරීමට එකඟතාව පළකර ඇති අතර රාමදාන් මාසයෙන් පසු කොළඹදී හමුවන ද්විපාක්ෂික සාකච්ඡාවලින් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවයි. ගැබිනි කාන්තාවන් මෙහි පැමිණීම පිළිබඳ අදහස් දැක්වා ඇති තානාපතිවරයාසඳහන් කර ඇත්තේ වෛද්‍ය සහතිකයලබාගැනීමෙන් අනතුරුව මාස හයක පමණ කාලයක් මෙහි පැමිණෙන තුරු ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ හේතුමත එසේ සිදුවිය හැකි වුවත් එම තත්ත්වය පාලනය කිරීමට වැඩපිළිවෙළක් යොදන බවයි.
මේ අතර ශ්‍රී ලංකාවහා සෞදි අරාබිය සමග ඇති කම්කරු ගිවිසුම් ප්‍රකාරව සෑම සය මසකටම වරක් කම්කරු ගිවිසුම සමාලෝචනය කිරීමටද එකඟවූ අතර ඊළඟ සැසි වාරය මෙම මසදී කොළඹදී පැවත්වීමට නියමිත බවද සඳහන් කර ඇත.
මෙම සාකච්ඡාවට සෞදි අරාබියේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපලේකම්අහමඩ් අල් ෆෙහයිඩ් මහතාද සහභාගිවූ බව එම පුවත්පත සඳහන් කරයි.
ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට