මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ කරුණු වසන් කිරීම යටෙත් එවකට ගස්කිස්ස ප්‍රදේශය භාරව සිට නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත දකුණ) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (13දා) රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.සැකකරු අද (14දා) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.