සන්ඩේලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්රමතුංග මහතාගේ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හමුදා බුද්ධි අංශ මේජර්වරයා ඇතුළු පුද්ගලයන් 63 දෙනෙකු ආයතන 32 ක පවත්වාගෙන යන ගිණුම් පරීක්ෂා කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්රාත් සුලෝචනා වීරසිංහ මහත්මිය රහස් පොලීසියට අවසර ලබාදුන්නාය.
එමෙන්ම සන්ඩේලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්රමතුංග මහතාගේ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හමුදා බුද්ධි අංශ මේජර්වරයා මේ මස 25 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද මහේස්ත්රාත් වරිය නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ, කන්දේගෙදර ප්රියවංශ නමැත්තෙකි.
සැකකරු ඇතුළු පුද්ගලයන් 63 දෙනෙකු ආයතන 32 ක පවත්වාගෙන යන ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලීසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්රාත්වරිය අදාළ අවසරය නිකුත් කළේය.
මොරටුව/බම්බලපිටිය - එම්.පී.ඉන්දික මනෝජ් කුරේ