සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශගතවීම සඳහා පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය නියම කර ඇත.
මේ සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසු ලලිත් වීරතුංග මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදුකර ඇත.
එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණය භාරයේ රඳවාගෙන සිටින ලලිත් වීරතුංග මහතාගේ විදේශ ගමන් බලපත්‍රය වහාම මුදා හරින්නයි නියම කළ අතර මේ මස 20 දා සිට අප්‍රේල් මස 30 වන දා දක්වා කාලසීමාව තුළ පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසද ආගමන සහ විගමන පාලකවරයාට නියම කළා.