ලලිත් - කූගන් ගැන පරීක්ෂණ ඇරඹෙන හැඩ
මානව හිමිකම් ක්රියාකාරිකයෙකු හා දේශපාලන ක්රියාකාරිකයෙකු වන ලලිත් කුමාර් වීරරාජ්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් 2011දී කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව සොයා බැලීම පිණිස පෙරේදා (02) රාත්රියේ හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් තිබේ.
ලලිත් කුමාර් හා කූගන් මුරුගානන්දන් 2011 දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී අතුරුදන් වීමෙන් අනතුරුව ඊට පසු දිනම ලලිත් කුමාර් පදිංචි බල ප්රදේශයේ කොස්ගම පොලීසිය වෙත ඔහුගේ පියා විසින් සිය පුත්රයා අතුරුදන් බවට පැමිණිලි කරනු ලැබ තිබිණි.
ඉන් අනතුරුව වසර තුනකුත් මාස එකොළහක් ඉකුත්ව ගිය පසුව පෙරේදා මෙසේ පොලීසිය ලලිත් කුමාර්ගේ නිවස කරා ගොස් තිබෙන අතර, එහිදී සිය පුත්රයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලලිත් කුමාර්ගේ පියා ආරුමුගම් වීරරාජ්ගෙන් විමසීම් කර තිබේ.
ප්රශ්න කිරීම් ඉතා සුහදව කෙරුණ බවත් තමන් කළ පැමිණිල්ලට පොලීසිය උනන්දුවක් දක්වන බවට වසර හතරකට පසුව තමන්ට හැඟුණ බවත් ආරුමුගම් වීරරාජ් මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
