ධීවර කටයුතුවලදී ලයිලා සහ සුරුක්කු දැල් භාවිතය තහනම් කිරීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පැවසීය.
තහනම් දැල් භාවිතය හේතුවෙන් ධීවර කර්මාන්තයේ ගැටලූ රැසක් උද්ගත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුයේ මීගමුව පලඟතුරය මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.