පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වෙත ලබාදෙන විමධ්‍යගත අරමුදල ලෙස 2016 වසරේ රුපියල් මිලියන 15 ලබාදෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථිකටයුතු රාජ්‍ය අමාත්‍යය නිරෝෂන් පෙරේරා මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේබව කීය.
මෙම වසරේ මන්ත්‍රීවර්න්ට ලැබිය යුතු විමධ්‍යගත අරමුදල් මෙතෙක් ලැබී නොමැති බවද මන්ත්‍රීවරයා කීය. එහිදී නිරෝෂන් අමාත්‍යවරයා පැවසුයේ මෙම වසරේ සහ ඉදිරි වසරේ විමධ්‍යගත අරමුදල් එකතුව ලෙස පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් හට රුපියල් මිලියන 15 ක මුදල් ප්‍රතිපාදන ඉදිරි වර්ෂයේදී ලබාදෙන බවය.