නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනුවෙන් අධ්‍යාපන පනතක් ලබන වසරේ ජනවාරි මස ගෙන ඒමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. අද (27) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්යවැයා මේබව කීය. එ් සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බවත් අයවැයෙන් ඉල්ලා සිටි මුදල් වලින් 90%ක් පමණ ලැබුණු බවත්, ඒ පිළිබඳ සතුටු වන බවත් අමාත්‍යවරයා කීය. සෑම දිස්ත්‍රීක්කයකම සාමාන්‍ය වෙළඳපළ වටිනාකම සැලකිල්ලට ගෙන නිල ඇඳුම් ඛාණ්ඩ 21 ක් යටතේ වවුචර් වර්ග 17 ක් නිකුත් කරන බවත්, ඒ නිසාම කිසිවෙකුටත් මෙහිදී අසාධාරණයක් සිදුනොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.