ලන්ඩනයේ කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ සාක්ෂි එක් රැස්කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම විසින් සිදුකරන පරීක්ෂණයට යුද අපරාධ චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ඒකරාශී කර බාරදීමට කටයුතු සැලසුම් කිරීම මෙමගින් බලාපොරොත්තු වෙයි.ලන්ඩනයේ කොටි ක්‍රියාකාරකම් බහුලව සිදුවන වෙම්බ්ලි නගරයේ ප්‍රේස්ටන් පාරේ, අංක 227, බේස්මන්ට් කාර්යාලයේදී සතියේ දිනවල බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින රාත්‍රී 7.00 සිට 10.00 දක්වාත්, සති අන්තයේදී සෙනසුරාදා උදෑසන 9.00 ටත්, ඉරිදා දිනවල උදෑසන 10.00 ටත් ආරම්භ කර රාත්‍රී 10.00 දක්වා මෙම සාක්ෂි එක් රැස්කිරීම සිදුකරයි.
විශ්වනාතන් රුද්රකුමාරන්ගේ දේශසීමා නොමැති දෙමළ ඊළාම් රජය ලෙසින් හඳුන්වා ගන්නා කණ්ඩායම මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන අතර, මේ වනවිට කොටි මාධ්‍ය ජාලය මගින්ද දෙමළ ඩයස්පෝරාවද දැනුවත් කරවමින් ඒ සඳහා විශාල ප්‍රසිද්ධියක්ද ලබා දී තිබේ.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට