එක්සත් ජාතික පක්ෂයට බලය හිමි ගම්පොළ නගර සභාවේ නගරාධිපති සරත් හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් නොවුවහොත් දසදහසක පිරිසක් රැගෙන ගොස් එම නගර සභාව වටලන බව මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
නගරාධිපතිවරයාට එම තනතුරේ රැඳී සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවද කිරිඇල්ල මහතා සඳහන් කරයි.
ගම්පොළ නගර සභාවේ නගරාධිපති සරත් හෙට්ටිආරච්චි මහතා පසුගියදා ජනාධිපතිවරයා හමු වී ආණ්ඩුවට එක් වූ අතර, ඒ හේතුවෙන් මෙම විරෝධයඑල්ල වී තිබේ.