ලක්ෂ පහක් ගංවතුෙරන් පීඩාවට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15 ක පවුල් 145,655 කට අයත් පුද්ගලයන් 530,721 ක් තවදුරටත් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව පුද්ගල මරණ තුනක් සිදුවී එක් පුද්ගලයෙකු අතුරුදන් වී සිටින බවත්, ආපදාවට පත්වූ පිරිසෙන් පවුල් 14,497 කට අයත් පුද්ගලයන් 53,031 ක් ආරක්ෂිත ස්ථාන 219 ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නිවාස 8,734 කට හානි සිදුව තිබෙන අතර, එහිදී නිවාස 1,939 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙන බවද වාර්තා වේ.
මන්නාරම, වවුනියා, කිලිනොච්චිය, මුලතිව්, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ, අම්පාර, බදුල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට බලපා තිබෙන මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා එම දිස්ත්‍රික්ක තුළ පිහිටි ජල මූලාශ්‍ර වාන් දමමින් තිබෙන අතර, මේ නිසා පහත් බිම් විශාල ප්‍රමාණයක් යට වී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතලේ, මහනුවර, බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල කඳු ආශ්රිත ප්‍රදේශවල නායයාම්, ගල් පෙරළීම් සිදුවිය හැකි නිසා ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
චාමර සම්පත්/ඉන්දික හේවාවිතාරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

