හෙළි කළ නොහැකි මාර්ගවලින් උපයාගත් රුපියල් ලක්ෂ 750ක පමණ වත්කම් සම්බන්ධයෙන් හිමිකරුවෙකු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට අධිචෝදනා ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා කටයුතු කළේය.
එසේම හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අද 11දා නියෝගය කළේය. මෙම නඩුව ලබන මස 19 දා විභාගයට නැවතත් විභාග කිරීමට නියමිතය.