ලක්ෂ 67ක් වටිනා නීතිවිරෝධී විදේශ මුදල් තොගයක් මාලදිවයින බලා රැගෙන යාමට උත්සාහ කළ 53 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපළ රේගුව අද (04දා) සමත් විය. අද උදෑසන 6.30ට කුවේට් ගුවන් සේවයට අයත් KE 473 දරණ ගුවන්යානයෙන් මාලදිවයින බලා යෑමට සැරසුණු මෙම පුද්ගලයාගේ බෑගයේ තිබී ඇමෙරිකානු ඩොලර් 45,000ක් (ලංකා මුදලින් ලක්ෂ 67 ක්) මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය. ගුවන්තොටුපළ රේගුව සැකකරු රඳවාගෙන ප්රශ්න කිරීම් සිදුකරති.
ගුවන්තොටුපල වාර්තාකරු - ටී.කේ.ජී. කපිල