රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීම සඳහා හලාවත මුන්නේශ්වරම් පුදබිමට ගෙනැවිත් තිබූ වාලම්පුරි 6 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු හා ඔවුන් පැමිණි බව කියන මෝටර් රථයක් අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හලාවත මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම පිරිස ගාල්ල ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කියන අතර, ඔවුන් මෙම වාලම්පුරි අලෙවි කිරිම පිණිස දිවයිනේ ප්‍රසිද්ධ හින්දු කෝවිල් වෙත යන බවත්, එසේ යන අතර මුන්නේශ්වරම් පුදබිම වෙත පැමිණ ඇති බවත් වාර්තා වේ.
සමුද්‍ර වස්තුවක් වශයෙන් සැලකෙන මෙවැනි වාලම්පුරි සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරිම තහනම් වන අතර, එවැනි වාලම්පුරියක් ළඟ තබාගත හැක්කේ ධීවර අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති බලපත්‍රයක් ඇත්නම් පමණක් බවද මේ පිළිබඳ විමසීමේදී ධීවර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.