ලක්ෂ 48 ක විස්කි සමග මැලේසියානු දෙදෙනා පොලීසියේ
හෝටල්වලින් ඉතා වටිනා විස්කි බෝතල් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් මගින් ලබාගෙන වංචා සිදුකළැයි කියන අවුරුදු 30 ක සහ අවුරුදු 23 ක මැලේසියානු ජාතික කාන්තාවක සහ තරුණයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (20දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය හා සැකකරු කොළඹ කොටුව ප්‍රදේශයේ සුපිරි හෝටලයක නැවතී සිට ඇති අතර, ඔවුන් ශි‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ පෙරේදා (19දා) දිනයේය.
සැකකරුවන් කොළඹ පිහිටි තරු පහේ හෝටල් 05කින් විස්කි බෝතල් 05 ක් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් භාවිත කර ලබාගෙන ඇති අතර, එම එක් බෝතලයක වටිනාකම රුපියල් නවලක්ෂ හැත්තෑදෙදහසක් (972,000) පමණ වන බව පොලීසිය කියයි.
සැකකරුවන් ළඟ තිබූ විස්කි බෝතල් 05 ක් සොයාගෙන ඇති අතර, එහි මුළු වටිනාකම රුපියල් හතළිස් අටලක්ෂ හැටදහසක් (4,860,000) වන බවත්, ඔවුන් භාරයේ තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 25 ක් සොයාගත් බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අද (21දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මූලස්ථානය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

