රුපියල් හතළිස් ලක්ෂ අසූ දහසක් වටිනා විදේශ මුදල් සිය ගුද මාර්ගය තුළ සඟවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද (19දා) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකරු 48 හැවිරිදි වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයෙකි.