රුපියල් 43න් ලක්ෂයක් පමණ වටිනා සිංගප්පූරු ඩොලර් තොගයක් ශ්රී ලංකාවෙන් නීති විරෝධී අයුරින් ගෙන යාමට උත්සාහ කළ කොරියානු ජාතිකයෙක් කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුට රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ්යක දඩයක් නියම කරමින් අදාළ විදෙස් මුදල් තොගය රාජසන්තක කිරීමට රේගුව කටයුතු කරනු ලැබීය.
මෙම කොරියානු ජාතිකයා පසුගිය මාසයේදී අවස්ථා හතරකදී නීති විරෝධී අයුරින් විදෙස් මුදල් රටින් පිටත් කර ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.