නීති විරෝධී අයුරින් මෙරටට ගෙනඑන ලද රුපියල් ලක්ෂ 30ක් වටිනා සිගරට් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අද (29දා) අලුයම අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ රේගුව පවසයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා විදේශ රැකියා සඳහා දෝහා රාජ්‍යයට පිටවගොස් නැවත දිවයිනට පැමිණෙන විට මෙම සිගරට් තොගය රැගෙන විත් ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදලක් නියම කර සිගරට් තොගය රාජසන්තක කිරීමට පියවරගත් බව ගුවන් තොටුපොළ රේගුව පැවසීය.
කටුනායක ගුවන්තොටුපොළ රේගුව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.