නීති විරෝධී අයුරින් මෙරටට ගෙනෙන ලද රුපියල් 27,153,000ක විටිනාකමකින් යුත් රන් තොගයක් අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ රේගුව සමත්ව තිබේ.
මැලේසියාවේ සිට අද අලුයම ශ්රී ලංකාවට පැමිණි ගුවන්යානයකින් කාන්තන්කුඩි ප්ර දේශයේ පදිංචි පුද්ගලයෙකු මෙම රන් තොගය ශ්රී ලංකාවට ගෙනවිත් තිබුණි.
මෙම රන් තොගය කටුනායක ගුවන්තොටුපොළින් පිට කිරීමට උපකාර කළ බව කියන කටුනායක ගුවන්තොටුපොළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිලධාරියෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මාල 392ක් හා රන් කුට්ටි 18ක් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ තොගයේ වෙන අතර එහි සමස්ථ බර 5.1 KG වෙයි.
ටී.කේ.ජී. කපිල කටුනායක