විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කරනු ලැබූ වැටලීමකදී තීරු බදු නොගෙවා ශ්රී ලංකාවට ආනයනය කරන ලද සිගරට් 80000ක් සොයාගැනීමට ඔවුහු සමත්ව සිටිති.
පිටකොටුව පොලිස් වසමේ පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළඳ සැළේ රථගාල ඉදිරිපිට මාර්ගයේදි මෙම නීතිවිරෝධී සිගරට් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම ලක්ෂ 25ක් පමණ වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැඩිදුර විමර්ශන කටයුතු පිටකොටුව පොලිසිය සිදුකරයි.