තායිලන්තයේ බැංකොක් බලා යාමට පැමිණි ගුවන් මගියෙකු සන්තකයේ තිබී රුපියල් විසි හතර ලක්ෂ පනස්දහසක විදේශීය මුදල් තොගයක් අද (09දා) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ රේගුව සඳහන් කරයි.
මෙම සැකකරු ග්රෑන්ෆාස් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර, මොහු සන්තකයේ තිබී ඇමෙරිකානු ඩොලර් සහ ස්විස් ප්රෑන්ක් තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු අද අළුයම 01.20ට තායි ගුවන්සේවයේ TG 307 ගුවන් යානයෙන් විදේශගත වීමට උත්සාහ කර ඇති බවත් ගුවන් තොටුපොළ රේගුව පවසයි.
අත්අඩංගුවට ගත් විදේශීය මුදල් තොගය රාජසන්තක කිරීමට කටයුතු කර ඇති අතර, අදාළ සැකකරුට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු නිදහස් කළ බවද ගුවන් තොටුපොළ රේගුව වැඩිදුරටත් සඳහන් කරයි.