බ්‍රසීලයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද හාල් මිටි 540ක් සොරකම් කළ කල්ලියක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පසුගිය 28දා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සොරාගත් සීනි තොගයේ වටිනාකම රු2,430,000 පමණ බව පොලීසිය කියයි.
සීනි තොගය රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගෙන ඇති අතර එම සීනි අලෙවිකරමින් ලබාගත් රුපියල් 2,322,000ක මුදලක්ද පොලීසිය සොයාගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 33,22,43,28,30 හා 36 යන වයස්වල පසුවෙන අය වෙති. සැකකරුවන් ඊයේ (04දා) අලුත් කඩේ මෙහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (05දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.