නීති විරෝධී අයුරින් රුපියල් ලක්ෂ 20ක් වටිනා රත්තරන් තොගයක් ගෙන යාමට තැත් කළ ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු අද (06දා) පෙරවරුවේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ගුවන් තොටුපල රේගුව සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් 32 හා 35 යන වයස් වල පසුවන්නන් වන අතර මෙම රත්තරන් තොගය රහසිගත අයුරින් ඔවුන්ගේ සාක්කුවල සඟවාගෙන යෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්ව තිබේ.
ඒ අනුව රේගු අත්අඩංගුවට පත් රත්තරන් තොගය රාජසන්තක කිරීමට පියවරගත් අතර සැකකරුවන් දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු නිදහස් කළ බව ගුවන් තොටුපොළ රේගුව වැඩි දුරටත්සඳහන් කරයි.