රුපියල් ලක්ෂ 20ට අධික මුදලක් නීති විරෝධී අයුරින් ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කළ ශ්රී ලංකා ජාතකයෙක් කටුනායක රේගුව මගින් අද (09දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ඩිරාම්, ඩොලර් හා ශ්රී ලංකා රුපියල් තොගයක් ඔහු මෙසේ නිති විරෝධී අයුරින් රැගෙන යාමට උත්සාහ කර තිබෙන අතර මුදල් තොගයේ විටිනාකම රුපියල් 2,048,110ක් වෙන බව ගුවන්තොටුපොළ රේගුව කියයි.